දේශීය

බිත්තර වී සඳහා රක්ෂණ සැලසුමක්

බිත්තර වී නිෂ්පාදන ගොවිපළවල සිදු කෙරෙන වී වගාව රක්ෂණය කිරීම සඳහා රක්ෂණ සැලසුමක් සකස් කර තිබෙනවා.

ගොවි ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම් පදනම් කරගෙන මෙම රක්ෂණ ක්‍රමය සකස් කර ඇති බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පැවසුවේ.

මෙහිදී එම මණ්ඩලය සඳහන් කරන්නේ වගා කරන ලද බිත්තර වී වගාවට ගංවතුර, නියඟය, රෝග, කෘමි හානි, ස්වභාවික විපත්, වන අලි හානිවලින් සිදුවන හානි සඳහා ආවරණය කර ඇති අතර අක්කර 01ක් සඳහා කන්නයකට රු.13,600/- වාරික මුදලක් ගෙවීමෙන් අක්කරයකට රු.180,000 වන්දි මුදලක් ලබාගත හැකි බවයි.

මෙම බිත්තර වී ගොවිපළවලවලට රක්ෂණාවරණ ලබා ගැනීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ සේවයේ ලියාපදිංචි වී තිබීම අනිවාර්ය බව ද ඔවුන් ප්‍රකාශ කළා.

බිත්තර වී නිෂ්පාදනය දිරිමත් කිරීම තුළින් ගොවියා වගාව තුළ රඳවා ගැනීම මෙහි ප්‍රධාන අරමුණ බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් කියා සිටියේ.

Shares: