කාළගුණය

කටුනායකට ආ ගුවන්යානා 03ක් හරවා යවයි

කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමට නියමිතව තිබූ ගුවන්යානා 03ක් මත්තල ගුවන්තොටුපොළට හා ඉන්දියාවේ තිරුවානන්තපුරම් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත හරවා යවා තිබෙනවා.

ඒ අද (19) උදෑසන පැවති ඝන මීදුම හේතුවෙන්.

චීනයේ ගුවැන්ෂු සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ UL-881 ගුවන් යානය සහ සෞදි අරාබියේ රියාද් සිට පැමිණි UL-266 ගුවන් යානයයි මෙලෙස හරවා යවා තිබුණේ.

මීට අමතරව, සෞදි අරාබියේ දමාම් සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ UL-254 ගුවන් යානය ඉන්දියාවේ කේරළයේ තිරුවානන්තපුරම් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත හරවා යවා තිබෙනවා.

උදෑසන මෙහෙයුම්වලට බාධා වූ මීදුම තත්ත්වය මේ වනවිට පහව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Shares: