දේශීය

චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය ඉහළට

මාතර දිස්ත්‍රික්කයේ චිකුන්ගුන්යා රෝගය දැඩි ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඩෙංගු අධි අවදානම් තත්ත්වයත් සමඟ මෙම රෝග ව්‍යාප්තිය සිදුව ඇති බවයි එහි සභාපති නිජිත් සුමනසේන මහතා සඳහන් කළේ.

ඒ සම්බන්ධ වැඩිදුර අදහස් දැක්වූ සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා කියා සිටියේ,

“මේ වන විට ශ්‍රී ලංකාව පුරාම වර්ෂාව ලැබීම් පවතින කාල පරිච්ඡේදයක්. ඒ වගේම මේ වර්ෂයේ ඩෙංගු අධි අවදානම් කාල පරිච්ඡේදයක් ගත කරන්නේ. ඒ තත්ත්වය තුළ ඩෙංගුවලට වඩා මිනිසුන්ට පීඩාකාරී රෝග තත්ත්වයක් වාර්තා වෙනවා මාතර ප්‍රදේශයෙන්. විශේෂයෙන්ම මේ මාතර ප්‍රදේශයේ චිකුන්ගුන්යා රෝග තත්ත්වය ඉතාම බරපතළ විදියට ව්‍යාප්ත වෙමින් පවතිනවා. පසුගිය කාලයේ කොළඔ ප්‍රදේශයේ නාරාහෙන්පිට, කොළඔ ආශ්‍රිතව මේ රෝග තත්ත්වය තිබුණත් පාලනය කර ගැනීමට හැකි වුණා. දැනට මාස කිහිපයක සිට මාතර ප්‍රදේශයේ මේ රෝග තත්ත්වය ව්‍යාප්ත වෙමින් පවතිනවා. එසේම මේ තත්ත්වය තුළ රෝග තත්ත්වය පාලනය කිරීම ඉතාම වැදගත්. විශේෂයෙන්ම ඩෙංගු මදුරුවාට සමාන මදුරු විශේෂය තමයි මේ චිකුන්ගුන්යාවලට ප්‍රධාන වාහකයා වෙන්නේ.”

යනුවෙන්.

Shares: