උණුසුම් පුවත්

‘රටම එකට’ ජාතික මෙහෙයුමේ දෙවන අදියර අද දකුණෙන් ඇරඹේ

‘රටම – එකට’ ජාතික මෙහෙයුමේ දකුණ පළාත් වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

තංගල්ල මහජන ක්‍රීඩාංගණයේදී අද පස්වරුවේ මෙම වැඩසටහන ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ වත්මන් රජයේ රටම එකට ජාතික මෙහෙයුමේ දෙවන අදියර ලෙස මෙම වැඩසටහන පවත්වන බවයි.

Shares: