අද (27) සහ හෙට (28) අපොස උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය තීරණය කර තිබෙනවා.
දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමඟ ඇතිවී තිබෙන ආපදා තත්ත්වයන් හේතුවෙන් මෙම තීරණය ගත් බවයි විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය පවසා ඇත්තේ.
විභාගය ඉදිරියේ දී පැවැත්වෙන දිනයන් පිළිබඳව විභාග අපේක්ෂකයින් වෙත දැනුම්දීමට නියමිතයි.
එමෙන්ම සියලූම පළාත් අධ්‍යාපන අධ්යක්ෂ, කලාප අධ්‍යාපන අධ්යක්ෂ, ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන භාර නිලධාරීන්, සම්බන්ධීකරණ නිලධාරීන් හා ශාලාධිපතිවරුන් වෙත නිවේදනයක් නිකුත් කරමින් විභාග සම්බධීකරණ මධ්‍යස්ථානයන්හි තිබෙන ප්‍රශ්න පත්‍රවල ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙසට වැඩිදුරටත් එහි අවධාරණය කර තිබෙනවා.











