දේශීය

බදුල්ලේ නායයෑම්වලින් මිය ගිය ගණන ඉහළට

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 7ක සිදුවූ නායයෑම්වලින් මියගිය ගණන 11ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් පුද්ගලයින් 7 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා සඳහන් කළේ.

දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ ඊයේ (26) දිනයේ ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක නායයෑම් සහ පස් කඳු කඩා වැටීම් වාර්තා වන බවයි.

එමෙන්ම මෙම අනතුරින් අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේ කටයුතු සඳහා සහන සේවා කණ්ඩායම් තවදුරටත් කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

Shares: