ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඩෙල්ෆ් දූපතේ පිහිටා ඇති විභාග මධ්‍යස්ථානයේ සිට අ.පො.ස උසස්පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර අද දින(26) උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශ කාර්යාලය වෙත නැවත රැගෙන ඒමක් සිදු කර තිබෙනවා.
ඒ පවතින අයහපත් කාලගුණයේ බලපෑම හේතුවෙනි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මගිනුයි මෙම රැගෙන ඒම සිදු කර තිබෙන්නේ.


















