උණුසුම් පුවත්

උසස් පෙළ විභාගය සෙනසුරාදාත් නොපැවැත්වෙයි

සෙරසුරාද දිනයේද (29) අපොස උසස් පෙළ විභාගය නොපවැත්වෙන බව දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, අද (27) හෙට සහ අනිද්දා යන තෙදිනම පැවැත්වීමට නියමිතව තිබූ අපොස උසස් පෙළ විභාගයන් නොපවැත්වෙන බවයි සඳහන් වන්නේ.

ඒ සඳහා දෙසැම්බර් මස 07, 08 සහ 09 යන දිනයන් විකල්ප දිනයන් ලෙස ලබා දී තිබෙනවා.

එම නිවේදනයෙන් වැඩිදුරටත් පවසන්නේ අද පැවැත්වීමට නියමිතව තිබූ විෂය දෙසැම්බර් මස 07 වනදාත් හෙට පැවැත්වීමට නියමිතව තිබූ විෂය දෙසැම්බර් මස 08 වනදාත් සහ සෙනසුරාදා පැවැත්වීමට නියමිතව තිබූ විෂය දෙසැම්බර් මස 09 වනදාත් පැවැත්වෙන බවයි.

Shares: