ඉන්දුනීසියාවේ, උතුරු සුමාත්‍රා හි රික්ටර් මාපාංක 6.6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් හටගෙන තිබෙනවා.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව, භූමිකම්පාව සිදුව ඇත්තේ සිමියුලු දූපතේ කිලෝමීටර් 25 ක් ගැඹුරින්.
විදෙස් මාධ්‍ය වාර්තා දක්වන්නේ මෙම භූ කම්පනයෙන් හානි හෝ සුනාමි අනතුරු ඇඟවීම් පිළිබඳ ක්ෂණික වාර්තා නොමැති බවයි.
එමෙන්ම භූමිකම්පාවෙන් පසු සුනාමි අවදානමක් නොමැති බවයි ඉන්දියානු සාගර සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසා ඇත්තේ.











