දේශීය

බහාලුම් 323 ගැන විමර්ශනයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කෙරේ

නිති පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර ඇති බව කතානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (27) උදෑසන පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදීයි.

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව ක්‍රියාත්මක වන බවයි කතානායකවරයා කියා සිටියේ.

අනිවාර්ය භෞතික පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීම පිළිබඳව නිවැරදි සෙවීමක් සිදුකර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා සිටින යෝජනාවක් නොවැම්බර් 19 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහාතා විසින්.

Shares: