Global Platform For All Sri Lankans

රනිල්ට සහ අනුරට සජිත්ගෙන් පිළිතුරු..

 

රට ගොඩනැගීම සඳහා හොඳම වැඩපිළිවෙල සමගි ජන බලවේගය සතු වන අතර එම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවිම සඳහා කැපවී සිටින බව සජිත් ප්‍රේමදාස පවසනවා.

ගාල්ල, සමනල ක්‍රීඩාංගණයේ පැවති සමගි ජන සන්ධානයේ ප්‍රචාරක රැලියක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.

“ජනතා විමුක්ති පෙරමුණයි, ජනාධිපතිවරයයි එකට එකතුවෙලා, අපේ ජයග්‍රහණය තහවුරු වී තිබෙන මොහොතක, බොරුවට කට කතා හදලා, මුහුණුපොතේ සහ විවිධ වෙබ් අඩවිවලට මුදල් ගෙවලා ප්‍රවෘත්ති දානවා අපි එකතුවෙනවා කියලා. මම ඔබට කියන්න කැමතියි, 21 වෙනිදාට සමගි ජන බලවේගය ජයග්‍රහණය කරලා, අපි එකතුවෙන්නේ මේ රටේ ලක්ෂ 220ක් පොදුජනතාව එක්කයි. අපි මේ ජරාජීරණ වුණු අන්ත දූෂිත දේශපාලන හවුල්වලට යන්නේ නෑ. ජනාධිපතිටයි මාලිමාවේ නායකයාටයි ලොකු ආසාවක් තියෙනවා එකතුවෙන්න. ඒ දෙන්නට ඕනේ නම් එකතුවෙන්න පුළුවන්. සමගි ජන සන්ධානය මොනම හේතුවකටවත් රට විනාශ කරන කල්ලි එක්ක එකතුවෙන්නේ නෑ.”

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads