මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව සියලු උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද (11) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීම ද තහනම් වන බවයි.
ඊට අමතරව විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත්,මුද්‍රිත හෝ සමාජ මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම සහ එවැනි දෑ ළඟ තබා ගැනීම ද සපුරා තහනම් වනවා.
කිසියම් තැනැත්තෙකු, ආයතනයක් හෝ පාර්ශවයක් මෙම නියෝග කඩකිරීම හෝ උල්ලංඝනය කිරීම සිදුකරන්නේ නම්, ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානය, පොලිස් මූලස්ථානය හෝ විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළ හැකි බව ද සඳහන්.
කෙසේ වෙතත්, පාසල්වලට සිසුන් තෝරාගැනීමට සහ ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීම සඳහා පැවැත්වෙන 2024 වර්ෂයට අදාළව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් මස 15 වන දින පැවැත්වීමට නියමිතයි.