පවතින සහල් මිල ගණන් හමුවේ ඉදිරියේදී බත් පැකැට්ටුවක මිල ද වැඩි කිරීමට සිදුවනු ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
සංගමයේ සභාපති ඉන්දික අරුණ කුමාර අනුරාධපුරයේදී අද(02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් සඳහන් කළේ, පවතින සහල් අර්බුදය හමුවේ ප්‍රදේශයේ ආපනශාලා වැසී යාමේ තත්ත්වයක් ද උද්ගතව ඇති බවයි.
මේ අතර, රජය විසින් ආනයනය කරන පළමු සහල් තොගය වන මෙට්‍රික් ටොන් 5,200යේ දෙවන තොගය වන මෙට්‍රික් ටොන් 580ක ප්‍රමාණය ඊයේ දිවයිනට පැමිණ තිබුණා.
ඒ අනුව, එහි බෙදාහැරිමේ කටයුතු අද අවසන් කිරීමට නියමිත බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථවේ සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ.
Author: Lanka Hit News
Post Views: 3