Global Platform For All Sri Lankans

IMF මීළඟ සමාලෝචනය ජනපතිවරණයෙන් පසු…

 

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් පසුව මීළඟ සමාලෝචනය පැවැත්වෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක ජූලී කෝසැක් මේ බව සඳහන් කළේ, ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

එහිදී ජූලී කෝසැක් වැඩිදුරටත් කියා සිටියේ, ඉදිරි මැතිවරණයේ ජයග්‍රහකයා තීරණය කළ යුත්තේ, ශ්‍රී ලංකීක ජනතාව බවයි.

ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසුව අපගේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා සමඟ ඉදිරියට යන බව ද එහිදී සඳහන් වුණා.

ශ්‍රී ලංකාවට ඉතිහාසයේ දරුණුතම අර්බුදයෙන් ගොඩ ඒමට අවස්ථාවක් ලබා දීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම අරමුණ බව ද සඳහන්.

එමෙන්ම ශ්‍රී ලංකාව තවදුරටත් මූල්‍ය අරමුදලෙන් මිදී නොමැති අතර, රට මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සහාය ලබාදීම තම වගකීම බවටයි ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත්, තවදුරටත් මූල්‍ය ප්‍රගතියේ දුර්වලතා පවතින බැවින් ප්‍රතිසංස්කරණ ගම්‍යතාවය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවටද ජූලි කොසැක් විශේෂයෙන් සඳහන් කර තිබුණා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads