පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (12) සිට විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව අද දින සිට ලබන 17 වන ඉරිදා දින දක්වා අතිරේක බස්රථ ධාවනයට එක් කරන බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන සඳහන් කළේ.
අද දින අතිරේකව බස් රථ 70ක් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට ගෙන ඒමට බලාපොරොත්තු වන බව ඔහු පවසා සිටියා.
එමෙන්ම දිනපතා ක්‍රියාත්මක දුම්රිය ගමන්වාර වලට අමතරව මැතිවරණය සදහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් දුම්රිය සදහා අතිරේක මැදිරි යොදවා ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉදිපොළ ප්‍රකාශ කළා.
Author: Lanka Hit News
Post Views: 7