Global Platform For All Sri Lankans

” හෙට ඡන්දය තිබ්බත් අපි දිනනවා..” අනුර කුමාර

 

මෙරට දේශපාලන බලය දූෂිත දේශපාලන පවුල් කිහිපයකට කේන්ද්‍ර ගත වී තිබු බව ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

අදාළ පුද්ගලයින් දේශපාලනය කළේ ඔවුන් වෙනුවෙන් පමණක් බවද ,

ජාතික ජන බලවේගයේ දේශපාලන ව්‍යාපාරය මේ වනවිට ජනතාව අතේ තිබෙන බවද , ජනතාව ද පවතින දේශපාලන ව්‍යාපාරය අතට අරගෙන තිබෙන බවද ඔහු පෙන්වා දුන්නා. 

ඒ ඊයේ (13) අම්බලන්තොට පැවති ‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ රැලිය අමතමින්, 

 

 

“වෙනදා ඡන්දයක් එනකොට ඡන්දෙ කවදාද කියලා ගැන ගැන හිටියේ මේ රට පාලනය කළ පාලක කල්ලි.. නමුත් මෙවර ඡන්දය එනතුරු බලාගෙන ඉන්නේ මේ රටේ ජනතාව.. 21 නොවෙයි, හෙට ඡන්දේ තිබ්බත් අපි දිනනවා.. මේ රටේ ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ මේ ඡන්දය බලාගෙන හිටියා.. මේ සම්ප්‍රදායික බල රටාව වෙනස් කරන්න 21 වැනිදා උදාවන තුරු මේ රටේ ජනතාව පුල පුලා බලා සිටිනවා.. මේ දින කිහිපය අපි හොඳට වැඩ කරමු.. වැඩ කරලා මේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කරමු.. දැන් අපේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන් හොඳටම කලබල වෙලා ඉන්නේ.. ඒ ගොල්ලන්ට හොඳටම රිදිලා තියෙන්නේ.. ඒ ගොල්ලෝ සැලකිය යුතු ප්‍රමාණයකින් වියරුවට පත්වෙලා ඉන්නේ.. ඒ නිසා ඉදිරි දින කිහිපය ඇතුළත ඒ ගොල්ලන්ගෙන් ගිලිහී යන බලය ආරක්ෂා කර ගැනීම සඳහා මොන වගේ දේවල් කරන්න පුළුවන්ද කියලා ඒ ගොල්ලෝ කල්පනා කරමින්, සාකච්ඡා කරමින් ඉන්නවා.. ඒ ගොල්ලෝ මෙනවා කළත් වැඩක් නැහැ.. අපිට ඕන සාමකාමී ඡන්දයක්.. පරදින අයට තමයි කලබල ඕනේ.., ඒ අයට තමයි ගැටුම් ඕනෑ, සමාජය අස්ථාවර කරන්න ඕනෑ.. දිනන අපිට සාමකාමිත්වය ඕනෑ.. මේ රටේ ජනතාවගේ කැමැත්ත මගින් ආණ්ඩුවක් මාරුකර ගැනීමේ අවස්ථාව දැන් තිබෙනවා..”

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads