Global Platform For All Sri Lankans

විදුලියට සුබ වෙන්නයි යන්නේ..

විදුලිබල මණ්ඩලයේ, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ කළමණාකාරීත්වය සහ සේවක නියෝජිතයන් සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු යෝජනා කිහිපයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

විශේෂඥ කමිටු වාර්තාව මත පදනම් වෙමින් බලශක්තිය සඳහා වෙනම නියාමකයක් ස්ථාපිත කිරීමට සහ තෙල්, ගෑස් මිල කරණය හා ප්‍රමීතීන් සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීමට මෙලෙස අනුමැතිය හිමිව ඇති බව සඳහන්.

CEB, CPC සහ CPSTL යන ආයතන තුන වෙනුවෙන් යෝජිත නව වැටුප් ක්‍රම ක්‍රියාත්මක කිරීමට සහ සේවකයින්ගේ ප්‍රමිතිය මත පදනම්ව වෙනම දිරි ගැන්වීමේ දීමනාවක් අගෝස්තු මස පළමු වන දින සිට බලාත්මක වන පරිදි ලබා දීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එම ආයතනයන්හි සේවක සංඛ්‍යාව සංශෝධනය කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වැඩිදුරටත් සඳහන්.

මේ අතර විදුලිබල මණ්ඩලයේ, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ කළමණාකාරීත්වය සහ සේවක නියෝජිතයන් සමග සාකච්ඡාවක් ඊයේ (13) උදෑසන පවත්වා තිබුණා.

 

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads