Global Platform For All Sri Lankans

හොර ඡන්ද දැම්මොත් , වෙන දේ දන්නවා ද?

 

ජනාධිපතිවරණයකදී හොර ඡන්ද දමන හෝ ඒ සඳහා ආධාර අනුබල දෙන ඕනෑම කෙනෙක් 2023 අංක 21 දරන මැතිවරණ (විශේෂ) පනත අනූව දූෂණ ක්‍රියාවකට වරදකරුවෙකු වනවා.

එම වරදට මහාධිකරණය විසින් වරදකරුවෙකු කළ අයෙකුට බරපතල වැඩ සහිතව මාස 12කට වැඩි කාලයකට සිරගත කිරීම හෝ රුපියල් ලක්ෂ 2ක දඩයකට හෝ එකී දඬුවම් දෙකටම යටත් වන බව මැතිවරණ කොමිෂන් සභාවේ (නීති ) අතිරේක කොමසාරිස්වරයා පවසනවා.

මෙකී චෝදනාවට වරදකරුවෙකු වන කෙනෙක්ට අවුරුදු 7ක කාලයක් ඡන්ද හිමි නාමලේඛනයට ලියාපදිංචි වීම සහ මැතිවරණයකදී ඡන්දය දීමට නුසුදුස්සෙකු වන බව ද සඳහන්.

මීට පෙර එම දඩ මුදල රුපියල් 500ක් වශයෙන් පැවති ඇති බවයි සඳහන් වන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads