Global Platform For All Sri Lankans

ඡන්ද කාඩ් එක තවම හම්බ වුණේ නැද්ද? එහෙනම් බදාදාට යන්න ඕන තැන මෙන්න..

 

ඡන්ද කාඩ් නොලැබුණු අය ලබන බදාදා ළඟම තැපැල් කාර්යාලයට යන්නැයි මැතිවරණ කොමිසම පවසනවා.

(21) වැනි සෙනසුරාදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබූනු පුද්ගලයින්ට , ලබන බදාදා සිට තමන්ට ලිපි බෙදන තැපැල් කාර්යාලයට ගොස් එම පත්‍රිකා ලබා ගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

දීර්ඝ නිවාඩුවක් එළඹීම නිසා තැපැල් කාර්යාල වසා තැබීම ඊට හේතුව බවයි තැපැල්පතිවරයා  සඳහන් කළේ.

කෙසේ වෙතත්, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම ඊයේ(14) දිනයෙන් අවසන් කෙරුණා.

එසේම, මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර නිවේදනය කර තිබුණේ, ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මෙම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව අත්‍යාවශ්‍ය නොවන බවයි.

ඒ වෙනුවට ජාතික හැදුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය හා රියදුරු බලපත්‍රය හෝ වලංගු අනන්‍යතා ලේඛන 9ක් එම කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කළා.

 

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads