Global Platform For All Sri Lankans

” ව්‍යාජ කරුණු කිව්ව අයව පෙරහැරේ අධිකරණයට ගේනවා..” අනුර කුමාර

ජාතික ජනබලවේගයේ ජයග්‍රහණයට බියෙන් ව්‍යාජ කරුණු සමාජගත කරන පිරිස්වලට තම රජයක් යටතේ අධිකරණය අභියස පිළිතුරුදීමට සිදුවනු ඇති බව ජාතික ජනබල වේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

මීරිගම පැවැති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

“සතුරා අවලාද කුමන්ත්‍රණ කථා කියනවා හැර උත්තරයක් නැති තැනට ඒ අයගේ දේශපාලනය හිර වුණා. මේක සමාන්‍ය පරිවර්ථනයක් නෙමෙයි.

මාන්‍යයෙන් රනිල් වික්‍රමසිංහ අම්පාරේ යනකොට යන්නේ අතාවුල්ලා අරගෙන, සජිත් ප්‍රේමදාස අම්පාරේ යනකොට යන්නේ හකීම් අරගෙන. හැබැයි අපි ගියේ ජාතික සමගියේ පණිවිඩය අරගෙන, ඒක තමයි අපි සියවස් ගණනක් අප දුටු සිහිනය. මෙච්චර දේශපාලනයේ වෙනස් වෙලා තිබියදීත් සජිත් ප්‍රේමදාසගේ ‌වේදිකාවේ නැවත පැරණි ආගම්වාදී ජාතිවාදී කථා හැර වෙන කිසිම කථාවක් නැහැ. තිස්ස අත්තනායක මහනුවරට ගිහිල්ලා කියනවා ජාතික ජනබල වේගයේ ආණ්ඩුවක් ආවොත් පෙරහර නතර කරනවා කියලා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ චරිත හේරත් කියනවා ජාතික ජනබල වේගයේ ආණ්ඩුවක් ආවොත් ඇත්කඳ විහාරයේ පෙරහර නතර කරනවා කියලා. ඕවා කියපු හැම දෙනාම අපි පෙරහරේ අධිකරණයට ගේනවා.” 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads