Global Platform For All Sri Lankans

ඊජිප්තුවේ දුම්රිය අනතුරකින්, 49 ක් රෝහලේ…

ඊජිප්තුවේ කයිරෝ අගනුවරට ඊසාන දෙසින් Zagazig හි ඊයේ (14) සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 49 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

අනතුර සම්බන්ධව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, තුවාල ලැබූ පුද්ගලයින් 44 දෙනෙකුගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවරව පවතින බවත් පස් දෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතල වන බවත් ය.

 එසේම, අනතුර සිදුව ඇත්තේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීම හේතුවෙන්. 

නිවේදනයක් නිකුත් කරමින් එරට දුම්රිය අධිකාරිය සඳහන් කර තිබුණේ, එක් දුම්රියක් Zagazig සිට Ismailia දක්වා ගමන් කරමින් තිබූ අතර අනෙක Mansoura නගරයේ සිට Zagazig දක්වා ධාවනය වෙමින් තිබූ බවයි.

ඒ අනුව, අනතුරට තුඩු දුන් තාක්ෂණික හේතු සොයා බැලීම සඳහා දුම්රිය විශේෂඥයින්ගෙන් යුත් කමිටුවක් පිහිටුවා ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads