Global Platform For All Sri Lankans

” ඥානා අක්කා ” ගේ නිවෙසට දෙකෝටි අසූලක්ෂයක වන්දියක්..

 

පසුගිය අරගල සමයේදී, හිටපු ජනාධිපතිවරුන්, දේශපාලඥනයින්, සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් රැසක් විවිධ කාර්යයන් සඳහා ආශිර්වාද ලබාගැනීමට පැමිණි අනුරාධපුර පදිංචි ඥානවතී ජයසූරිය (ඥානා අක්කා) නමැත්තියගේ නිවාස ගිනි තැබීමෙන් පසු ඊට හානි පූර්ණ වන්දි වශයෙන් රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක මුදලක් ඇයට ගෙවා ඇති බව හානිපූර්ණය සඳහා වන කාර්යාලය වාර්තා කර තිබෙනවා.

මෙම තොරතුරු ඉදිරිපත් කර ඇත්තේ, තොරතුරු දැනගැනීමේ පනත යටතේ එම කාර්යාලයෙන් කරන ලද විමසීකට අනුව බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

අනුරාධපුර නව නුවර පාරේ, ඉසුරුපුර ප්‍රදේශයේ පදිංචිව සිටින ‘ඥානා අක්කා’ නමින් හඳුන්වන කාන්තාවගේ නිවසට, දේවාලයට සහ හෝටලයට ඉකුත් අරගල සමයේදී එනම් 2022 වසරේ මැයි 10 වැනිදා කිසියම් පිරිසක් විසින් ගිනි තබනු ලැබුවා.

ඒ අනුව, හානිපූරණය සඳහා වන කාර්යාලය අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ, රජයේ තක්සේරුකරු විසින් ලබාදී ඇති රහස්‍ය තක්සේරු වාර්තාවෙහි වටිනාකම මත පදනම්ව මූල්‍ය සහන ලබාදී ඇති බවද එම කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කළා.

එමෙන්ම මෙලෙස මූල්‍ය සහන ලබාදීමේදී හෝටලයට සහ දේවාලයට ගෙවීම් කර නැතැයි ද හානිපූරණය සඳහා වන කාර්යාලය වැඩිදුරටත් සඳහන්.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads