Global Platform For All Sri Lankans

ලෝක ප්‍රකට නර්තන ශිල්පිනියක වන ඩිප්‍රින්ස්, අවසන් ගමනේ.. !

 

සියරා ලියොන් හි සිවිල් යුද සමයක උපත ලද, ප්‍රකට නර්තන ශිල්පිනියක වූ මයිකල් මැබින්ති ඩිප්‍රින්ස් (Michaela Mabinty DePrince) මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මිය යන විට ඩිප්‍රින්ස් වයස අවුරුදු 29 පසුවූ බව ඇයගේ නිල Instagram පිටුවේ පළ කර ඇති නිවේදනයේ සඳහන්.

කෙසේ වෙතත්, මරණයට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති අතර,

1995 දී සියෙරා ලියොන් හි කෙනෙමාවල උපත ලද ඩිප්‍රින්ස් හට කුඩා කලම සිය දෙමාපියන් අහිමි වන්නේ, සිවිල් යුද්ධය හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරුව ඇය වයස අවුරුදු තුනේදී අනාථ නිවාසයකට භාර දී තිබෙනවා.

එම නිවස්නයේදී ඇය “යක්ෂ දරුවෙකු” ලෙස හැඳින් වූ බව කියවෙන අතර, ඊට හේතුවී ඇත්තේ, ඩිප්‍රින්ස් ‘විටිලිගෝ’ නම් සම ආශ්‍රිත රෝග තත්ත්වයකින් පසුවීම බවද සඳහන්.

කෙසේ නමුත්, පසුකාලීනව අමෙරිකානු යුවළක් විසින් වයස අවුරුදු හතරේදී ඇයව දරුකමට හදාගැනීම සඳහා නිව් ජර්සි වෙත රැගෙන ගිය බව ද සඳහන්.

පසුව ඩිප්‍රින්ස්ගේ මුද්‍රා නාට්‍ය කෙරෙහි ඇති ඇල්ම වටහා ගත් ඇයව හදාවඩා ගත් මව විසින් වැඩිදුර හැදෑරීම් සඳහා යොමුකර තිබෙන අතර, ඉන් අනතුරුව Harlem හි නර්තන රඟහලේ ළාබාලතම ප්‍රධාන නර්තන ශිල්පිනිය ලෙස ඉතිහාසගත වී තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads