නිමාවට පත් වූ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය විභාගයේ ප්‍රතිඵල දින 40ක් තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්, විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මේ බව සඳහන් කළා.
මෙවර විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,849ක් පැවතුනු අතර,
ඒ සඳහා, අපේක්ෂකයින් 323,841ක් පෙනී සිට තිබෙනවා.
එසේම, ශිෂ්‍යත්ව විභාගයේදී දරුවෙකුට යම් ආසාධාරණයක් හෝ ගැටලුවක් ඇතිවී ඇත්නම්, ඒ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දෙන ලෙසයි විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
කෙසේ වෙතත්, මේ දක්වා එවැනි අක්‍රමිකතාවයක් පිළිබඳව තොරතුරු වාර්තා වී නොමැති බවද සඳහන්.
Author: Lanka Hit News
Post Views: 2