Global Platform For All Sri Lankans

ජනපති රනිල් වයසට ගිහින් යැයි, මහනුවරදී කාන්තාවක් හඬා වැටිලා..

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (15) පෙරවරුවේ සහභාගි වූ , මහනුවර නගරයේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා“ජන හමුවේදී මෙම සිදුවීම සිදු වී තිබෙනවා.

සිද්ධිය මෙසේයි,

පැමිණ සිටි ජනතාව ජනාධිපතිවරයා අත්පොලසන්දී පිළිගැනීමෙන් අනතුරුව සංවිධායකයන් විසින් ඔහු වේදිකාවට කැඳවාගෙන ගොස් තිබෙනවා.

එහිදී , වේදිකාව ඉදිරිපස සිටි කාන්තාවක් හඬමින් සිටින ආකාරය ජනාධිපතිවරයා දැක තිබෙනවා.

ඉන් පසු ජනාධිපතිවරයා සිය ආරක්ෂකයන්ට කතා කර “ඇයි අර කාන්තාවක් අඬන්නේ. පොඩ්ඩක් බලන්න’’ යැයි කියා ඇති අතර, අනතුරුව ආරක්ෂකයන් ඇය අසලට ගොස් ඇඬීමට හේතුව විමසුමා තිබෙනවා.

“මේ අපේ ජනාධිපතිතුමා… පොඩි කාලේ ඉඳලම මම ජනාධිපතිතුමාගේ කතා අහනවා.. එතුමා අද වයසට ගිහින්… වෙනස් වෙලා.’’ යැයි කියමින් ඇය නැවතත් හඬන්නට වී තිබෙනවා.

පසුව ජනාධිපතිවරයා එම කාන්තාවගේ දියණියද වේදිකාවට ගෙන්වාගෙන සැප දුක විමසා ඇති අතර, ජනාධිපතිවරයා සිය කතාවෙන් අනතුරුව මෙම කාන්තාව මුණ ගැසී කතාබහ කර ඇති බවද සඳහන් වනවා.

කෙසේ වෙතත්, එහිදී “ඔබතුමා තමයි මේ රටේ අනාගතය භාර ගන්න ඕනේ. අපේ දරුවන්ගේ අනාගතය ඔබතුමා භාරගන්න..’’ යැයි ඇය සිය දියණිය ඇතුළු දරුවන් පෙන්වමින් නැවත වරක් පවසා තිබෙනවා.

අනතුරුව ඇය හඬා වැටෙමින් ජනාධිපතිවරයාට වැඳ ඇති බවද සඳහන් වනවා. ”

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads