ප්රංශයේ සිට එංගලන්තයට යාමට උත්සාහ කිරීමේදී සංක්රමණිකයන් 8 දෙනෙකු මිය ගොස් ඇති බව ප්රංශ පොලීසිය පවසනවා.
උතුරින් පිහිටි මුහුදු ප්රදේශයේ දී මෙම පිරිස රැගත් බෝටුව අනතුරට ලක්ව ඇති බව සඳහන්.
එම යාත්රාවේ එරිත්රියාව, සුඩානය, සිරියාව සහ ඉරානය ඇතුළු රටවල පුද්ගලයින් 60 දෙනෙකු පමණ සිට තිබෙනවා.
ප්රංශ වෙරළාරක්ෂක නිලධාරීන් පැවසුවේ වෙරළ තීරයේ හදිසි සේවා මගින් පුද්ගලයින් 53 දෙනෙකුට ප්රතිකාර ලබා දුන් බවයි.
බෝට්ටුවේ ගමන් කළ අට දෙනෙකු මිය ගොස් ඇති බව තහවුරු කර ඇති අතර හයිපෝතර්මියාවෙන් පෙළුණු ළදරුවෙකු ඇතුළු හය දෙනෙකු රෝහල්ගතකර තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 11