Global Platform For All Sri Lankans

මියන්මාර ගංවතුරෙන් 100 ක් මරුට, යාගි කළ හදියක්..

 

මියන්මාරයට බලපෑ යාගි සුළි කුණාටුවෙන් ඇති වූ ගංවතුර සහ මඩ නාය යෑම් හේතුවෙන් පුද්ගලයන් 100කට අධික පිරිසක් මියගොස් තිබෙනවා.

මියන්මාර පාලක ජුන්ටාවෙහි ප්‍රකාශක Zaw Min Tun ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, පුද්ගලයන් 113 දෙනෙකු මිය ගොස් ඇති බව තහවුරු කර ඇති අතර තවත් 64 දෙනෙකු අතුරුදහන් වී ඇති බවත් ය.

නමුත් සැබෑ මරණ සංඛ්‍යාව වැඩි විය හැකි බව ප්‍රාදේශීය වාර්තා පවසන බවද සඳහන්.

මේ අතර 320,000 කට අධික පිරිසක් මේ වන විට තාවකාලික නවාතැන්වල රැඳී සිටිනවා.

කෙසේ වෙතත්, මේ වසරේ ආසියාවේ බලවත්ම කුණාටුව වන යාගි, වියට්නාමය, ලාඕසය, චීනයේ හයිනාන් දූපත සහ පිලිපීනය හරහා හමා ගොස් විනාශකාරී ප්‍රතිඵල ඇති කළා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads