Global Platform For All Sri Lankans

දුරකථන සිහිනයෙන් ආ මාරයා…

 

විනෝදයට ක්‍රීඩා කිරීමට පියා ජංගම දුරකතනයක් ලබා නොදීමේ නිසා යාපනයේ පෙරියවිලාන් ප්‍රදේශයේ 13 හැවිරිදි පාසල් සිසුවෙකු සිය නිවසේදී ගෙළ වැළලාගෙන ඊයේ (15) මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ පෙරියවිලාන් අන්තෝනී පල්ලිය පාරේ පදිංචි මර්වින් ඩයස් සින්ධුජන් නැමති පාසල් ශිෂ්‍යයෙක්.

මියගිය සිසුවා යාපනයේ අලවෙඩ්ඩි අරුණෝදය පාසලේ හත්වන වසරේ ඉගනුම ලබමින් සිට ඇති අතර, ඔහු කාලයක සිට පියාගෙන් ජංගම දුරකතනයක් ඉල්ලා ඇත්තේ වීඩියෝ ගේම් සදහා භාවිත කිරීම සඳහායි.

පියා ජංගම දුරකතනයක් ලබා නොදීමේ සිද්ධියක් මත පාසල් සිසුවා නිවසේ රණ්ඩු කොට එදින කිසිවෙකු නිවසේ නොමැති අවස්ථාවක සාලයේ බාල්කයක ලණුවක් ගැට ගසා එහි එල්ලී සියදිවි හානි කරගෙන තිබෙන බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අසල්වාසීන් නිවස ඉදිරි පිටින් යන විට සිද්ධිය දැක වහාම ලණුව කපා ඔහුව තෙලිප්පලෙයි රෝහල වෙත රැගෙන ගොස් ඇතත්, ඒ වනවිටත් ඔහු මියගොස් ඇති බව යි සඳහන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අලවෙඩ්ඩි පොලිසිය සිදු කරනු ලබනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads