Global Platform For All Sri Lankans

2025 අදාළ ව , පාසල් කටයුතු සිදුවෙන්නේ මෙහෙමයි..

 

ලබන වසරේ සිට කිසිදු ප්‍රමාදයකින් තොරව සියලු විභාග පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ඒ අනුව, ලබන වසරේ පාසල් වාරය ජනවාරි මස 02වැනිදා ආරම්භ කිරීමට සැලැසුම් කර ඇති අතර, තෙවන වාරයේ සති දෙකක් පැවැත්වීමට සිදු වන බව සඳහන්.

ඒ හේතුවෙන්, ජනවාරි මස 20 වැනි දින (2025) ට අදාළ පළමු පාසල් වාරයේ පළමු වාරයේ පළමු දිනය ආරම්භ වීමට නියමිතයි.

ඒ වනවිට නිල ඇඳුම්, පෙළපොත් සියල්ල සූදානම් බවට සහතිකයක් ලබා දිය හැකි බවයි, අමාත්‍යවරයා කියා සිටියේ.

මේ වසරට අදාළ ශිෂ්‍යත්ව විභාගය පසුගියදා පැවැත්වුණු අතර, එම විභාගයේ ප්‍රතිඵල දින 40ක් ඇතුළත ලබාදීමට කටයුතු කරන බවද ,

එමෙන්ම මාස ගණන් කල් ගොස් ඇති උසස් පෙළ විභාගය නොවැම්බර් මස 25 වැනිදා ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවද , අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් කියා සිටියා.

එමෙන්ම සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් සති දෙකකින් පමණ නිකුක් කිරීමට ද නියමිත යි.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads