මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයින්ගේ අවසන් රැලි අද (18) කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයකදී පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව, ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ යන අයගේ ප්‍රධාන රැලි මෙලෙස පැවැත්වෙනු ඇති.
කෙසේ වෙතත්, ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ අවසන් රැලිය, මැද කොළඹ ප්‍රදේශයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
එසේම, සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ අවසන් රැලිය ද , මැද කොළඹ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනු ඇති.
තවද, ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ අවසන් රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂගේ අවසන් ජන රැලිය පිළියන්දල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනු ඇති.
මෙම අවසන් ප්රචාරක රැලි සඳහා , විශේෂ ආරක්ෂාවක් සැපයීමට ද පොලීසිය සහ ආරක්ෂක අංශ පියවර ගෙන තිබීම විශේෂත්වයක්.
ඒ අනුව, කොමිසම විශේෂයෙන්ම සඳහන් කර තිබෙන්නේ, අද මධ්‍යම රාත්‍රී 12.00 න් පසුව , මැතිවරණයට අදාළව කිසිඳු ප්‍රචාරණයක් සිදුකළ නොහැකි බවයි.