ලෙබනනයේ රැහැන් රහිත සන්නිවේදන උපාංගවල දෙවන පිපිරීම් රැල්ලෙන් අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන බව විදෙස් මාධ්‍ය පවසනවා.
මෙම පිපිරීමෙන් පුද්ගලයින් 450කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද සඳහන්.
හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම විසින් භාවිතා කරන ලද වෝකි-ටෝකි මෙසේ පුපුරුවා හැර තිබෙනවා.
බේරූට් අගනුවර දකුණු තදාසන්න ප්‍රදේශවල, බෙකා නිම්නය සහ දකුණු ලෙබනනයේ මෙම පිපිරීම් සිදුව ඇති බව යි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් දක්වා ඇත්තේ.
මීට දිනකට පෙර ලෙබනනය පුරා පේජර් පුපුරා යෑමෙන් 12 දෙනෙක් මියගොස් තිබූ අතර, එහි උණුසුම මැකී යෑමටත් පෙර මෙලෙස වෝකි ටෝකි” යන්ත්‍ර පුපුරා ගොස් තිබෙනවා.
හිස්බුල්ලා සංවිධානය එම ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට චෝදනා කරන අතර, ඊශ්‍රායලය මේ සම්බන්ධයෙන් අදහස් දක්වා නොමැති බවද විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වනවා.