Global Platform For All Sri Lankans

මුහුදේ සුළං වේගය ඉහළට..

 

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කන්කසන්තුරයේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 60 දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරේ දක්වා සහ පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය පැයට කිලෝමිටර් 50 දක්වා ඉහළ යා හැකියි.

මේ අතර බස්නාහිර, සබරගමුව, දකුණ පළාත්වලටත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු මැද සහ දකුණු පළාත්වලත් පැයට කිලෝමීටර 45 දක්වා සුළං ඇති විය හැකියි.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads