අවසර නොලත් කිසිවෙකුට ඡන්ද මධ්‍යස්ථානවලට ඇතුළුවීමට ඉඩ නොදෙන ලෙස මැතිවරණ කොමිසම සියලු ඡන්ද පොළ නියෝජිතයින්ට දැනුම්දී තිබෙනවා.
ඡන්ද මධ්‍යස්ථානවලට ඇතුළුවීමට නීතියෙන් අවසර ලැබෙන පුද්ගලයින් පිළිබඳව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
ඡන්ද පොළෙහි ලියාපදිංචි ඡන්ද හිමියන්
ඡන්ද පොළ කාර්යමණ්ඩලය
ඡන්ද පොළ රාජකාරියෙහි නිරත පොලිස් නිලධාරින්
තරග කරනු ලබන ජනාධිපතිධුර අපේක්ෂකයන්
ජනාධිපතිධුර අපේක්ෂකයන්ගේ ඡන්ද නියෝජිතයන්
ජනාධිපතිධුර අපේක්ෂකයන්ගේ බලයලත් නියෝජිතයන්
ජනාධිපතිධුර අපේක්ෂකයන්ගේ ප්‍රදේශීය නියෝජිතයන්
එක් එක් අපේක්ෂකයා වෙනුවෙන් විධිමත් පරිදි පත් කරන ලද ඡන්ද පොළ නියෝජිතයන්
මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය ලත් දේශීය/විදේශීය නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයන්
තේරීම්භාර නිලධාරියාගේ අවසර ලත් නිලධාරීන්
මේ අතර, ඡන්ද මධ්‍යස්ථාන සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන තුළ ජංගම දුරකතන භාවිතා කිරීම, ඡායාරූප ගැනීම, වීඩියෝගත කිරීම, අවිආයුධ සන්තකයේ තබා ගැනීම, දුම් පානය, මත්පැන් පානය සහ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සහ මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කර පැමිණීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් දන්වා සිටියා.