Global Platform For All Sri Lankans

ඡන්ද ගණන් කරද්දී ජංගම දුරකථන භාවිතය තහනම්

 

මෙවර ජනාධිපතිවරණයට අදාලව ඡන්ද ගණන් කිරීම සිදු කරන අවස්ථාවලදී කිසිඳු පුද්ගලයෙකුට එම මධ්‍යස්ථාන තුළට ජංගම දුරකථන රැගෙන යා නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසනවා.

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(19) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ අදහස් දැක්වුවා.

ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානවල තොරතුරු විවිධ ආකාරයට ප්‍රචාරය වී ගැටළු ඇතිවීම් වාර්තා වූ බැවින්, මෙවර ඡන්දය ගණන් කිරීමේ නිලධාරීන් කිසිවෙකුටත් ජංගම දුරකථන එම මධ්‍යස්ථාන තුළට රැගෙන යාම තහනම් වනු ඇති.

එමෙන්ම , පෙර පරිදිම ඡන්දය ප්‍රකාශ කිරීමට යාමේදීත් ජංගම දුරකථන රැගෙන යාම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නිතීඥ නිහාල් තල්දූව සඳහන් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads