Global Platform For All Sri Lankans

ඉනිමක විශිෂ්ට ජයක් සමගින් සිංහයින් තරගාවලියේ ජය තහවුරු කරයි.

ශ්‍රි ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වූ තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියයේ දෙවන හා අවසන් තරගය ඉනිමකින් සහ ලකුණු 154 කින් ජය ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම අද සමත් වුනා. පළමුවෙන පන්දුවට පහර දුන් ශ්‍රි ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් 602/ 5 රැස් කරා.. එදි දිනේෂ් චන්දිමාල් ,කමිදු මෙන්ඩිස් සහ කුසල් මෙන්ඩිස් යන තිදෙනාම ශතක රැස් කිරීම කැපි පෙනුනා. සිය පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමයට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 88 ක් පමණයි. පන්දු යැවීමේදි ප්‍රභාත් ජයසූරිය කඩුලු 6ක් ද, නිශාන් පිරීස් කඩුලු 3 ක්ද ලබා ගත්තා. පළමු ඉනිමේ ලද වාසිය නිසාවෙන් නැවතත් පිතිකරණයේ යේදීමට නවසීලන්ත කණ්ඩායම ආරාධනා කළ අතර සිය දෙවෙනි ඉනිම වෙනුවෙන් නවසීලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකිවුයේ 360 පමණයි. ග්ලේන් පිලිප්ස් ලකුණු 78 ,බල්න්ඩෙල් ලකුණු 60 සැට්නර් 67 ලබාගත්තා. පන්දු යැවීමේදි නිශාන් පිරීස් කඩුලු 6 ක්ද ප්‍රභාත් ජයසුරිය 3 බිද දැමීමට සමත් උනා. ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 2-0 ලෙස ජය ගැනීමට ශ්‍රි ලංකාවට හැකි උනා

Lanka Hit News
Author: Lanka Hit News

1
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads