ප්‍රදේශ රැසකට අද (29) පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් මෙම අවදානම පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ හේතුවෙන් අකුණු මගින් ඇතිවිය හැකි අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ.
Author: Lanka Hit News
Post Views: 39