Global Platform For All Sri Lankans

පළමු දසදෙනා අතරට ආ එකම කොල්ලා..

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව පළමු දසදෙනා අතර සිටින්ගේ එක් සිසුවෙකු පමණක් වීම විශේෂත්වයක්.

අනෙක් නවදෙනාම සිසුවියන් බවයි සඳහන්.

මෙලෙස 10 දෙනා අතර, සිටින එකම සිසුවා වන්නට වරම් ලැබුවේ මාතර රාහුල විද්‍යාලයේ ඉගෙනුම ලබන සකුණ සදීශාන් සමරවික්‍රම  සිසුවා යි.

සකුණ පාසලේ ශිෂ්‍ය නායකයෙකු ලෙසත්, කැඩෙට් කණ්ඩායමේ හා බාලදක්ෂ කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු ලෙසත් කටයුතු කරන අතර විද්‍යාලයේ වෙස් නැටුම් කණ්ඩායමේ ද නිත්‍ය සාමාජිකයෙකුව සිට තිබෙනවා.

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය (28) මධ්‍යම රාත්‍රීයේදී නිකුත් කෙරුණු අතර දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය හිමිකරගනු ලැබුවේ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල්ෂා කුමාරතුංග සිසුවියයි.

දෙවන ස්ථානය සිසුවියන් දෙදෙනකු හිමිකරගෙන තිබුණා.

ඉන් එක් සිසුවියක් වන්නේ කොළඹ 7 මියුසියස් විද්‍යාලයේ ඉගෙනුම ලබන කුලුනි මෙත්සලායි.

අනෙක් සිසුවිය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ විමන්සා ජයනදී රත්නවීර සිසුවියයි.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී සිසුසිසුවියන් 13,309 දෙනකු A සාමාර්ථ්‍ය 9 ම ලබාගෙන ඇති බවයි.

මෙවර අයදුම්කරුවන් 452,979 දෙනෙකු පෙනී සිටි ඇති අතර ඉන් 387, 648 දෙනෙකු පාසල් අයදුම්කරුවන්.

65,331 දෙනෙකු පෞද්ගලික අයදුම්කරුවන් ලෙස විභාගයට පෙනී සිට තිබෙනවා.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

1970 වසරෙන් පසු ඇදහැලු‍ණු දරුණුතම වර්ෂාවෙන් , මියගිය ගණන ඉහළට

නේපාලයට බලපා ඇති අධික වැසි තත්ත්වයත් සමඟ ගං වතුර සහ නායයෑම්වලින් පුද්ගලයින් 150කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දින දෙකක්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads