ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජෙයිශංකර් නිල සංචාරයක් සඳහා අද (04) දිවයිනට පැමිණ තිබෙනවා.
ඔහු සමග දූත පිරිස ලෙස සහභාගී වීම සදහා, තවත් එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 08 දෙනෙකු ද පැමිණ සිටින බව සඳහන්.
ඔවුන් නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් හමුදාවට ( Indian Air Force ) අයත් අයි.එෆ්.සී.- 34 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි වාර්තා වන්නේ.
මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා ඇතුළු ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බව සඳහන්.
කෙසේ වෙතත්, මෙම සංචාරයේදී විදේශ අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමසූරිය සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන අය හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.