Global Platform For All Sri Lankans

සරුංගලයක් යවමින් සිටි දරුවන් දෙදෙනෙකුට විදුලි සැර වැදී බරපතළ තුවාල..

සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලි රැහැනකින් විදුලිසර වැදී සිසුන් දෙදෙනෙකු බරපතළ පිළිස්සුම් තුවාල ලබා තිබෙනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ, බණ්ඩාරගම බමුණු මුල්ල අලවත්ත හේන සහ අටලුගම කුරුඳුවත්ත පදිංචි 13 හැවිරිදි දරුවන් දෙදෙනෙක්.

ඔවුන් මේ වනවිට රෝහලට ඇතුළත් කර ඇති බවයි, පොලිසිය සඳහන් කළේ.

තුවාලකරුවන් දෙදෙනා සහ තවත් දරුවෙක් එක්ව බණ්ඩාරගම අටලුගම කුරුඳුවත්ත දරුවා පදිංචි තෙමහල් නිවසේ ඉහළ කොටසේ සිට විනෝදයට සරුංගලයක් යවමින් සිට තිබෙනවා.

එය නිවස ආසන්නයේ පිහිටි අධිබලැති විදුලි රැහැනක පැටලී ඇති බව සඳහන්.

ඇල්මිනියම් බටයක් ආධාරයෙන් එය ගැනීමට උත්සාහ කිරීමේදී එකවරම ඇසුණු විශාල පිපිරීමක් සමගම විදුලි සැර වැදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads