පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කරන බවට සහතික වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමඟ අද (06) මිගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී සාකච්ඡාවකට එක්වෙමින්.
එම ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ද ඔහු සඳහන් කළා.
කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට පැමිණි ජනාධිපතිවරයා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිවීම පිණිස එම භූමියේ ස්ථාපිත කර ඇති ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූ බව ද සඳහන්.
ජනාධිපතිවරයාගේ සංචාරය සනිටුහන් කරමින් සිහිවටන තිළිණයක් ද පිළිගැන්වූ බවයි, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
අනතුරුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක සාකච්ඡාවකට එක් වී තිබෙනවා.
ඒ අනුව, පාස්කු ප්‍රහාරයේ වින්දතයින් ලෙස ඔවුන්ගේ ගැටලු සෘජුවම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබුණා.