සැප්තැම්බර් 30 දිනට පෙර හිඟ බදු මුදල් ගෙවා නොමැති පුද්ගලයන්ගේ පරිශ්‍රයන් වෙත ගොස් ඒවා අය කර ගැනීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කළ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.
ස්වතක්සේරු ගෙවීම් ක්‍රමය යටතේ සැප්තැම්බර් 30 දිනට පෙර සියලු හිඟ බදු මුදල් ගෙවන ලෙස මීට පෙර බදු ගෙවන්නන්ට දැනුම් දී තිබුණා.
ඒ අනුව, සැලකිය යුතු පිරිසකගෙන් බදු ආදායම් එක්රැස් කර ගැනීමට සමත් වී තිබෙන බවද සඳහන්.
කෙසේ නමුත්, තවමත් හිඟ බදු මුදල් ගෙවා නොතිබෙන පිරිස වෙත ගොස් මේ ආකාරයට ඒවා අය කර ගැනීමට තම දෙපාර්තමේන්තුව ඉකුත් සිකුරාදා (04) පටන් වැඩපිළිවෙළක් ආරම්භ කළ බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර සඳහන් කළා.
මෙතෙක් නොගෙවා තිබෙන ස්වතක්සේරු ගෙවීම් ක්‍රමවේදය යටතේ හිඟ බදු මුදල් අයකර ගැනීමේ දී නීතිමය කටයුතු ක්ෂණිකව සපුරාලීමට ද තම නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇතැයි කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළා.