Global Platform For All Sri Lankans

ඕනෑම ජාලයකින් , ඔයාටම වෙන්වූ නම්බර් එකක්.. මෙන්න අලුත්ම වෙනස

 

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියා­මන කොමි­ෂන් සභාව විසින් ජංගම දුර­ක­තන සඳහා Number Portability (NP) සේවාව ක්‍රියා­ත්මක කිරීම පිළි­බඳ මේ වන විට මහ­ජ­න­තා­ව­ගෙන් අද­හස් ලබා ගනි­මින් සිටිනවා.. එසේම ඉන් පසු මෙරට ජංගම හා ස්ථාවර දුර­ක­තන සේවා ලබා ගන්නා පාරි­භෝ­ගි­ක­යින් වෙත එම සේවාව ලබා දීමට කට­යුතු යෙදෙනු ඇති බවත් එම කොමි­ෂන් සභාව පව­සනවා..

මෙම එන්.පී. සේවාව ඉක්ම­නින් ක්‍රියා­ත්මක කිරීම සඳහා මෙරට තුළ දුර­ක­තන සේවා ලබා දෙන සමා­ගම් හා සාකච්ඡා කර එය ක්‍රියා­ත්මක කළ හැකි ආකා­රය පිළි­බඳ වන සැලැ­ස්මක්ද මේ වන විට සකස් කර ඇති බව මේ පිළි­බඳ අද­හස් දැක්වූ එම කොමි­ෂන් සභාවේ ප්‍රකා­ශ­ක­යකු ඊයේ පැව­සු­වා..

ඒ අනුව, එම සේවාව හඳුන්වා දුන් පසු තමන් කැමති දුර­ක­තන ජාලය ඕනෑම දුර­ක­තන සේවා සප­යන ආය­ත­න­යක් හරහා ලබා ගැනී­මට හැකි වන බව ද එම ප්‍රකා­ශ­කයා වැඩි­දු­ර­ටත් පැවසුවේ.. ඒ අනුව, තමන් භාවිත කරන දුර­ක­තන අංකය කිසිදු වෙන­ස්වී­ම­කින් තොරව ඕනෑම දුර­ක­තන ජාල­යක් හරහා අඛ­ණ්ඩව ඉදි­රි­යට ගෙන යාමේ පහ­සු­කම මෙම­ඟින් හිමි වන බව ද පැහැ­දිලි කළා..

මෙම සේවාව ඉක්ම­නින්ම මෙරට දුර­ක­තන පාරි­භෝ­ගි­ක­යින් වෙත හඳු­න්වා­දීමේ අර­මු­ණින් 2021 වසරේ දී මහ­ජන උප­දේ­ශන පත්‍රි­කා­වක් ප්‍රකා­ශ­යට පත් කළ බවත් මෙම සේවාව සම්බ­න්ධව අදාළ සිය­ලුම පාර්ශ්ව­ක­රු­වන්ගේ අද­හස් ලබා ගත් බවත් පැවසූ එම ප්‍රකා­ශ­කයා ඉන් අන­තු­රුව සිය­ලුම දුර­ක­තන සේවා ලබා දෙන සමා­ගම් හා සාකච්ඡා කර සුදුසු තාක්ෂ­ණික ආකෘ­තිය තීර­ණය කළ බවත් සඳ­හන්..

ඉන් අන­තු­රුව සේවාවේ ක්‍රියා­කා­රි­ත්වය සහ පරි­පා­ල­නය සඳහා සිය­ලුම ස්ථාවර සහ ජංගම ක්‍රියා­ක­රු­වන්ගේ සහ­භා­ගී­ත්ව­යෙන් Lanka Number Portability Services Guarantee Limited (LNPS) නමින් සමා­ග­මක් පිහි­ටු­වී­මට කට­යුතු කළ බව ද ඒ සමඟ විදුලි සංදේශ නියා­මන කොමි­ෂන් සභාව විසින් මෙම NP සේවාව ක්‍රියා­ත්මක කිරීම සඳහා අවශ්‍ය බල­ප­ත්‍රය ඉහත සමා­ගම වෙත ලබා දුන් බව ද ප්‍රකාශ ක‍ර තිබූ අතර, මෙරට තුළ දුර­ක­තන සේවා ලබා දෙන ස්ථාවර හා ජංගම දුර­ක­තන සමා­ගම් සමඟ සම්බ­න්ධී­ක­ර­ණ­යෙන් මෙම NP සේවාව ක්‍රියා­ත්මක කිරීම සඳහා සැකසූ රීති සහ මාර්ගෝ­ප­දේශ සඳහා නීති­පති දෙපා­ර්ත­මේ­න්තුව විසින් අවශ්‍ය අනු­මැ­තීන් ලබා දී ඇති බවත් Lanka Number Portability Services Guarantee Limited (LNPS) විසින් ඊට අදාළ තාක්ෂ­ණික පද්ධ­තිය සැප­යීම සඳහා සුදුසු ආය­ත­න­යක් තෝරා ගැනීම සඳහා වූ ප්‍රස­ම්පා­දන ක්‍රියා­ව­ලිය ආරම්භ කර, තාක්ෂ­ණික ඇග­යීම් අව­සන් කර ඇති බව ද පැවසුවා..

ලබන වසරේ ජන­වාරි මස වන විට සිය­ලුම මූල්‍ය ඇග­යීම් අව­සන් කිරී­මට හැකි වනු ඇති බව­ටද විශ්වා­සය පළ කරන අතර, සම්පූර්ණ ප්‍රස­ම්පා­දන ක්‍රියා­ව­ලිය අව­සන් වූ පසු ආරම්භ කළ LNPS නව සමා­ගම විසින් සුදුසු උප­ක­රණ සැප­යු­ම්ක­රු­වකු තෝරා පද්ධ­තිය ස්ථාප­නය කිරීම සම්පූර්ණ කරනු ඇති බවත් ඉන් පසුව මෙරට දුර­ක­තන ජාලා වෙත NP සේවාව සැප­යීම ආරම්භ කිරී­මට බලා­පො­රොත්තු වන බවත් ඔහු වැඩි­දු­ර­ටත් පැවසුවා..

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

හිටපු මන්ත්‍රීවරු තිදෙනෙකුට සජබයෙන් නාම යෝජනා අහිමි වෙන ලකුණු ?

  හිටපු මන්ත්‍රීවරු තිදෙනකු සඳහා මෙවර මහ මැතිවරණයේදී නාමයෝජනා ලබා නොදීමට සමගි ජනබලවේගය තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads