Global Platform For All Sri Lankans

Lanka Hit News

” බිත්තර මිල වැඩි වුණේ, කුකුල් කෑම ගණන් නිසා ” පහදන ලේකම්

 

බිත්තරයක් නිෂ්පාදනය කිරීමේදී සියයට 80ක වියදමක් කුකුල් කෑම සඳහා දැරීමට සිදුව ඇති බව ඉඩම්, කෘෂිකර්ම, පශු සම්පත්, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේ ලේකම් එම්.පී.එන්.එම්.වික්‍රමසිංහ පවසනවා.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින්, ඔහු මේ බව සඳහන් කළා.

“කොහොමත් මේ වනවිට බිත්තරයක් නිෂ්පාදනය කරන්න රුපියල් 32ක 33 ක වගේ වියදමක් යනවා. මේ වියදමෙන් වැඩි කොටසක් තියෙන්නේ කුකුල් කෑම. 80%ක් පමණ රඳා පවතින්නේ බඩඉරිගු මිල මත. බඩඉරිගු මිල තීරණය වීමේ යම් යම් ගැටලුකාරි තත්ත්වයක් තියෙනවා. ඒ ටික විසඳීමට අපි මේ දවස්වල කටයුතු කරමින් පවතිනවා. කොහොමත් බිත්තරයක් වෙළෙඳපොළේ රුපියල් 36 ක 37ක මිලකට තිබුණේ නැතිනම් කුකුල් කර්මාන්තෙට මේක බලපානවා. ඉදිරියේ දී කුකුල් කෑම සඳහා යන නිෂ්පාදන වියදම, විශේෂයෙන් බඩඉරිඟු සඳහා යන වියදම 165ක් පමණ වෙනවා. ඒක 140කට වගේ අඩු කරන්න පුළුවන්. ඒ කටයුතු ටික කරගත්තට පස්සේ රටේ බිත්තර මිල රුපියල් 29ත් 30ත් අතර තත්ත්වයකට පැමිණෙයි”

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads