Global Platform For All Sri Lankans

Lanka Hit News

ගංවතුර ආධාර බෙදාදීම මරණයකින් කෙළවර වෙලා

ජාඇල – ඒකල ප්‍රදේශයේ තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

ඉන් මිය ගොස් ඇත්තේ, 45 හැවිරිදි ඒකල ගම්පහ පාරේ පදිංචි අයෙක් බවයි, පොලිසිය සඳහන් කළේ.

අධික වැසි හේතුවෙන් පීඩාවට පත්වූවන්ට ඒකල තොග වෙළෙඳසැලක් අසලදී පිසූ සහ වියළි ආහාර බෙදා දී ඇති බව සඳහන්.

එහිදී දෙපිරිසක් අතර ඇති වූ බහින් බස්වීමක් හේතුවෙන් එක් පුද්ගලයෙකු විසින් මරණකරුට තියුණු ආයුධයකින් පහර දී ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ.

බරපතළ තුවාල සහිතව ඔහුව රාගම ශීක්ෂණ රෝහල වෙත රැගෙන යමින් සිටියදී මිය ගොස් ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු හඳුනා ගෙන ඇතත් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැහැ.

සිද්ධියට සැක කරන පුද්ගලයා මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads