Global Platform For All Sri Lankans

ත්‍රිපෝෂ ගැන නවතම අනාවරණය

 

රජයෙන් දරුවන්ට නොමිලේ දෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය අඩුකර මුදලට අලෙවි කරන සුපෝෂ නිෂ්පාදනය වැඩි කිරීමට ත්‍රිපෝෂ සමාගම පෙළඹී ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

සුපෝෂ අලෙවි ආදායම මත පදනම්ව ලාභයෙන් 5% සිට 10% දක්වා ඉලක්ක දීමනාවක් ගෙවීමට සමාගම කටයුතු කිරීම ඊට හේතු වී ඇති බවද එම විගණන වාර්තාවේ සඳහන්.

එම විගණන වාර්තාවේ සඳහන් පරිදි 2023 වර්ෂයේ දී ත්‍රිපෝෂ සමාගම නිෂ්පාදනය කළ සමස්ත සුපෝෂ සහ ත්‍රීපෝෂ නිෂ්පාදන ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 9,163,067ක් වන අතර එයින් 80%ක් එනම් කිලෝ ග්‍රෑම් 7,341,728ක් පමණක් ත්‍රීපෝෂ වනවා. ඉතිරි 20% සුපෝෂයි.

මෙම ත්‍රිපෝෂ නිෂ්පාදනය සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සමාගමට ලබා දී ඇති සමස්ත වාර්ෂික ත්‍රිපෝෂ නිෂ්පාදන ඉලක්කයෙන් 62%ක් පමණක් බවද සඳහන් වනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads