Global Platform For All Sri Lankans

වප් පෝදා මත් සාදයෙන්, 12 ක් පොලිස් දැලේ

 

වප් පුර පසළොස්වක පොහොය දිනය යෙදෙන අද (17) දිනයේ බෙන්තොට ප්‍රදේශයේ නිවසකට එක් රැස්වී මත්ද්‍රව්‍ය භාවිත කරමින් මිතුරු සාදයක් පවත්වමින් සිටි 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර, කාන්තාවක් ද වන බවයි බෙන්තොට පොලීසිය සඳහන් කළේ.

කළුතර, බෙන්තොට සහ අලුත්ගම යන ප්‍රදේශවල පදිංචි ඔවුන් වයස අවුරුදු 25 ත් 40 ත් අතර පසුවන අය වනවා.

පොලීසියට ලද තොරතුරක් අනුව, අද (17) දහවල් සිදුකළ වැටලීමකදී මෙම පිරිස අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වන විටත් ඔවුන් මත්ද්‍රව්‍ය වර්ග භාවිත කරමින් සිටි බවයි පොලීසිය සඳහන් කළේ.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads