Global Platform For All Sri Lankans

නාම යෝජනා අහිමි වූ අශේන් උසාවි ගිහින්..

 

පසුගිය දවස්වල අශේන් ගැන බොහෝ දෙනා කතා වුණේ ඔහුගේ දියවන්නා සිහිනය බොඳවීමත් එක්කයි..

කොහොම වුණත්, ජනප්‍රිය යූ ටියුබ් නිර්මාණකරුවෙක් වෙන අශේන් සේනාරත්න ඔහුට නාමයෝජනා ලබානොදීමෙන් සිදුවූ අසාධාරණයට එරෙහිව ඊයේ (16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කොළඹ දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීවරයාට සහ මැතිවරණ කොමිසමට එරෙහිව පෙත්සමක් ගොනුකර ඇති බවට වාර්තා වෙනවා..

ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වෙන්න බලාපොරොත්තුවෙන් හිටපු අශේන් කොළඹ දිස්ත්‍රික්කයට සිය නාම යෝජනා බාර දීම සඳහා ගියද ඔහුට එම අවස්ථාව ලැබුණේ නැහැ.

ඒ , පිළිගත් අයෙකු විසින් ඔහුගේ නාමයෝජනා ඉදිරිපත් කොට නොමැති වීමේ පදනම මත බවයි සඳහන් වුණේ.

කොහොම වුණත්, නාම යෝජනා ලබාදීම ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් ඔහු අවස්ථා කිහිපයකදී සිය සමාජ මාධ්‍ය ගිණුම තුළද විවිධ මත පළකර තිබෙනු දැකගන්න හැකි වුණා..

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads