රජයේ නිල නිවාස භාර දෙන්නැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් හිටපු ඇමතිවරුන්ට යළි සිහි කැඳවිම් සිදු කර තිබෙනවා.
අමාත්‍යවරුන් 28 දෙනෙකුට නිල නිවාස නිකුත් කර ඇති අතර, නිල නිවාසවලින් මෙතෙක් භාර දි ඇත්තේ 14 ක් පමණක් බවයි සඳහන් වන්නේ.
එසේම, නිල නිවාස භාරදීමේදි ඒවායේ හිග විදුලිබිල්පත් හා ජල බිල්පත් ගෙවීම අනිවාර්ය බවද අමාත්‍යාංශය සඳහන් කළා.
තවද , මෙම දැනුම් දීම දිගින් දිගටම මග හරින හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව, ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිතයි.
Author: Lanka Hit News
Post Views: 814