දරුවන්ට එන්නත් ලබාදීමේදී වඩා ප්‍රවේශම්වීම සහ අවධානයෙන් කටයුතු කිරීම වැදගත්..
අඟුරුවාතොට වෙනිවැල්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියන් පස් දෙනෙක් HPV එන්නත ලබාදීමෙන් පසු රෝගාතුර වී රෝහල්ගත කර තිබෙනවා…
මෙසේ රෝහල්ගත කර ඇත්තේ එම විද්‍යාලයේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 12 හැවිරිදි සිසුවියන් පිරිසක්…
අදාළ එන්නත එම විද්‍යාලයේ සිසුවියන් 26 දෙනෙකුට ලබා දී ඇති අතර ඉන් සිසුවියන් 5 දෙනෙක් මෙසේ රෝගාතූර වී ඇති බවයි වාර්තා වන්නේ…
HPV එන්නත ලබාදීමෙන් පසුව එම සිසුවියන් පස් දෙනාට හිසේ රුදාව, උදරය වේදනාව හා ක්ලාන්තය ආදී රෝග ලක්ෂණ පහළ වී තිබෙනවා…
ඒ හේතුවෙන් ඔවුන් හල්තොට ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ දිස්ත්‍රික් රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 838