Global Platform For All Sri Lankans

මේ රෝග ලක්ෂණ පවතී නම්, වහාම රෝහල්ගත වෙන්න..

 

පසුගිය දිනවල දිවයිනට බලපෑ ගංවතුර තත්ත්වය පහව යාමත් සමග වතුර බැසයාමේදී මී උණ රෝගය ව්‍යාප්ත විය හැකි බැවින් ශරීරයේ තුවාල පවතී නම් වතුරේ නොබසින ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසනවා.

එම කාර්යංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ උත්පලා අමරසිංහ පැවසුවේ, මී උණ රෝග ලක්ෂණ පවතී නම් වහාම රෝහල්ගත වන ලෙසයි.

පසුගියදා (16) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළා.

මීයන්ගේ මුත්‍රා වතුරට එක්වී තිබීමෙන් ශරීරයේ තුවල ඔස්සේ මී උණ විෂබීජය ශරීරගත විය හැකි බව ද මෙය ඉතා භයානක රෝගී තත්ත්වයක් බවද වෛද්‍යවරිය අවධාරණය කළා.

මී උණ රෝගයේ රෝග ලක්ෂණ ලෙස ඇස් රතුවීම, උණ, මුත්‍රා පිටවන ප්‍රමාණය අඩුවීම, අධික හිසරදය හා මස්පිඩු වේදනාව ආදිය පෙන්වාදුන් වෛද්‍යවරිය මෙම රෝග ලක්ෂණ පැවතියහොත් ඉතාම ඉක්මණින් රෝහල්ගත වීම ඉතා වැදගත් බව පෙන්වා දුන්නා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads